Twitter ලොව බහුල භාවිතාවක් ඇති සමාජජාලාවකි. සීමිත වචන ගනනකින් එය භාවිතාකරන්නෙකුට තම අදහස අනෙකා සමග බෙදා හදා ගන්නට අවස්ථාව එහි වේ. එම ආයතනය පවසන්නේ තමන් මේ දිනවල අත්හදා බලමින් සිටින “Twitter Circle” අංගය ඔස්සේ භාවිතාකරන්නෙකුට 150 සීමාවක් යටතේ chosen audience එකකට තම Twitter යවන්නට අවස්ථාව ඇති බවයි. ලොව ප්‍රකටතම micro-blogging network එය වැඩි දුරටත් පැහැදිලි කරන්නේ එය තම “Communities” අංගයටද වඩා වෙනස් අතර followers මෙන්ම non-followers ලා ගෙන් සමන්විත පිරිසක් වෙතට මෙම යොමුකිරීම කල හැකි බවයි. මීට අමතරව ඔවුන් පැහැදිලි කරන්නේ share හැකියාවද මෙම අංගයේදී නොලැබෙන බවයි. ඊට අමතරව තොරා ගත්තෙකුට තමන් විසින් ඉවත්වන්නට නොහැකි මුත් mute හැකියාව ලැබෙන බවයි.
Pubudu Siriwansa