අන්තර්ජාල භාවිතයේදී කැපී පෙනෙන අනන්‍යතාවයක් ලබා ගත් භාවිතාවන් අතර Twitter සේවාව ඔස්සේ සැලසෙන්නේ අපමන සේවාවකි. තීරනත්මක අවස්ථාවන් බොහොමයකදී පුද්ගල මට්ටමේන් මෙන්ම ජාතික මට්ටමමෙන් මෙම භාවිතාව මිනිසුන් වෙතට සහය වූ ආකරයන් බොහොමයක් පසුගිය අතීතතය තුල සටහන් විනි. මෙහි වන 140-character සීමාව විටක අපහසුවක ලෙසට හැගුනද එම සීමාව නිසාම වන සරල බව වේගවත් හා පහසු භාවිතාවක් සදහා මනා සහයක් බව පිලි ගැනේ. පසුගිය කාලයේදී මෙම සේවාව තුලට video පහසුවද ගෙනෙන්නට කටයුතු කල එම ආයතනයේ CEO වරයා පවසන්නේ තම භාවිතාකරන්නන් අතර වන Direct Messages සදහා ඉහතකී 140-character සීමාව ඉවත්කරන්නට තමන් කටයුතු කරන බවකි. එල බෙන ජූලියේ සිට මෙම පහසුව ක්‍රියාත්මක බවටයි පැහැදිලි කෙරෙන්නේ