Twitter නිවේදනය කරන්නේ තමන් තොරාගත් creators සමග ad revenue බෙදා හදා ගැනීමේ වැඩසටහනක් දියත් කරන බවකි. මෙම Creator Ads Revenue Sharing වැඩ සටහනේදී ඔවුන්ගේ tweets සදහා වන replies අතර වෙළඳ දැන්වීම් පලකරනු ලබනවා. Twitter පවසන්නේ මෙ සදහා සුදුසුකම් ලබන්නට 10,000 followers ඉක්මවන හා “Monetize Tweets” සංක්‍රියව තබන ගිණුම් අදාල වන බවයි. තවමත් beta මට්ටමින් සීමිත පිරිසක් සමග මෙය අත්හදා බැලීම සිදුවන අතර ඒ සදහා තීරනාත්මක සාධකය වන්නේ tweets ලබන impressions හා engagements වනු ඇති බවට පැහැදිලි කරනවා. Twitter සදහා තත්වයෙන් උසස් content නිර්මාණය කරගන්නට මෙන්ම දැනටමත් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර YouTube / TikTok වැනි සේවාඅතරට තරගයකට පිවිසෙන්නට මෙම වැඩසටහනේ ඉලක්කය වනවා.
Pubudu Siriwansa