එලබෙන ජනවාරි 21 දින Microsoft ආයතනය “The next chapter ” ලෙසින් මාධ්‍ය හමුවක් නිවේදනය කර තිබෙනවා. Windows 10 වල consumer නැතිනම් සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා වන සංස්කරනයේ නිකුතුවක් මෙදින සිදුවනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ. මෙම හමුවට ආයතනයේ ප්‍රධාන මට්ටමේ පුද්ගලයින් වන Satya Nadella, Terry Myerson and Joe Belfiore, හා Phil Spencer ආදීන් සහභාගී වන්නට නියමිත අතර දිනය පුරාවට විහිදුනු වැඩසටහනක් මෙදින පැවැත්වෙනු ඇති බවටයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ. මෙදින නිකුතුව January Technical Preview ලෙසින් නම් වීමේ ඉඩකඩක්ද හදාරන්නන් යෝජනා කරමින් සිටින අතර එදින Windows 10 වල යම් නිකුතුවකට අමතරව Windows Phone හා Windows R මෙන්ම Xbox පිලිබදවද කථා බහක් සිදුවෙනු ඇති බවටයි වැඩි දුරටත් බලාපොරොත්තු වන්නේ.