“Turla” ලෙසට නම් ලබන මෙම හානිකරය Linux-based variants ආකාරයේ ට්‍රෝජනයක් ලෙසට ක්‍රමයෙන් පැමිනෙමින් ඇති බවටයි හදාරන්නන් පවසන්නේ. මෙම හානිකරය Windows මූලික පද්ධතිවල වසර හතරක් තිස්සේ government institutions, embassies, military facilities, educational institutions හා research and pharmaceutical companies ආදිය ඉලක්කකර ගනිමින් භාවිතාවෙමින් පැවති අතර Kaspersky Lab පවසන්නේ Linux දෙසට වන variants දෙකක් තමන් මේ වන විට හඳුනා ගෙන ඇති බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ එකක් C/C++ executable ලෙසට ක්‍රියාත්මක වෙමින් පවතින අතර අනෙක් හානිකරය මෙතෙක් පැහැදිලි නැති බවකි. Russia මූලාශ්‍රිතව පැමිනි බවට සැක කෙරෙන මෙම හානිකරයන් රාජ්‍ය මට්ටමේ වයාපෘතියක් යටතේ පැමිනෙන බවට සැක කරන බවයි. මෙම මුල් හානිකරය backdoor malware ආකාරයට සැලකෙන අතර බාහිර සිට පරිගණකයක පාලනය ලබා ගන්නට හැකි වන ආකාරයේ ක්‍රියාත්මක වීමක් දකින්නට හැකි බවයි.