You Tube ලොව ප්‍රධානතම භාවිතාවකි. නමුත් වේගයෙන් අඩු අන්තර්ජාල සම්බන්දතා ඇති රටකදී online ආකාරයට වන මෙම video සේවාවේ සේවය ලබා ගැනීම ගැටලුවක් වන අවස්ථා බොහොමයකි. එමෙන්ම එකම video නැවත නැවතත් නරබන්නට අවශ්‍ය වන විටකදී දත්ත සදහා වැඩි මුදලක් ගෙවන්නටද සිදුවේ. Google ආයතනය නිවේදනය කරන්නේ India, Philippines, Indonesia වැනි ‍තෝරාගත් ආසියානු රටවල් කිහිපයක් සදහා You Tibu වල videoවන් download කරගනිමින් නැරබීමේ අවස්ථාවක් මේ වන විට මුදා හැරෙමින් පවතින බවකි. එම ආයතනය පැහැදිලි කරන්නේ එක් බාගත කිරීමක් සමග එම Videoව පැය 24ක් පුරා offline නැරබීමේ අවස්ථාව ලැබෙනු ඇති බවකි. ආයතනය වැඩි දුරටත් පැහැදිලි කරන්නේ මෙම සේවාව දැන්වීම් සහිත එකක් වන අතර YouTube app ඔස්සේ පමනක් නැරබීමට හැකි වන බව වන අතර වීඩියෝ upload කරන්නන් හට තම වීඩියෝවන් මෙසේ offline නැරබීමේ අවස්ථාව ලබා දෙනවා නැද්ද යන්න ‍තෝරා ගැනීමේ අවස්ථාවක් ලැබෙනු ඇති බවයි.