Microsoft පවසන්නේ තම Edge users වෙතින් අනවශ්‍ය නෙක ආකාරයේ notifications වලකන්නට තමන් කටයුතු කරන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ සමහර වෙබ් අඩවි භාවිතකරන්නන් වෙතට spam ආකාරයේ හැසිරීම තමන් හඳුනා ගෙන ඇති බවත් එවන් අවස්ථාවලදී එම වෙබ් අඩවි වෙතට ඇති notification privileges වලකන්නට තමන් සූදානම් බවත්ය. පසුගිය මැයි මාසයේ සිට Edge 113 සංස්කරණයත් සමග ක්‍රියාත්මක මෙම හැකියාව ඔස්සේ භාවිතාකරන්නෙකු දැනටමත් සුපුරුදු වී ඇති අවස්ථාවලදී හැරෙන්නට මේවා වලකා ඒ බව URL bar වල red cross එකක් සමග දක්වන bell icon එකක් ඔස්සේ මේ බව හගවන අතර එය tap කල විට ලැබෙන option ඔස්සේ allow notifications හැකියාවක් භාවිතාකරන්නා හට ලැබෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa