Mastercard පවසන්නේ තමන් Consumer Fraud Risk (CFR) නම් නව AI solution එකක් ඔස්සේ real-time ආකාරයට මූල්‍ය වංචා පිලිබඳව පෙර නිගමනයටත් වලකන්නටත් කටයුතු කරමින් සිටින බවයි. දැනට මෙම CFR ක්‍රමවේදය සීමිත බැංකු කිහිපයක ක්‍රියාත්මක කරමින් අත්හද බලමින් සිටින බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ. වැඩි දුරටත් ඔවුන් පවසන්නේ මූල්‍ය වංචාකරවන් විසින් සංවිධානාත්මකව ගිනුම් කිහිපයක් ඔස්සේ මුදල් හුවමාරු කරමින් අපරාධයේ නියම සිදුවීම් පෙල හදාරන්නට අපහසු කිරිම ඔස්සේ වංචාකිරීම මේ වන විට සුලබ අත්දැකීමක් වන බැවින් මෙම ක්‍රමවේදය ඔස්සේ ඒවා පෙර නිගමනයට කටයුතු කර වලකන්නට පියවර ගන්නා බවයි. Mastercard වල මෙම Consumer Fraud Risk toolය ඔස්සේ පසුගිය මාස හතර තුලදී UK වල £100 million සුරක්ෂිත කරන්නට සමත්වූ බවටත් පවසා සිටිනවා. මෙම පියවර භාවිතාකරන්නන් අතර online banking ගැන ඇති විස්වාසය තහවුරු කරවන්නට සහය වනු ඇති බවටයි ඔවුන්ගේ බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa