කලකට ඉහත දී Microsoft විසින් iOS සහ Android සදහා SwiftKey keyboard app එක සමග නිකුත් කල නව අංගයක් වූවේ විවිධ ආකාර ගත් rewriting text හැකියාවය. මේ වන විට පැවසෙන්නේ එම හැකියාව Microsoft Edge සමග desktops වෙතටද පැමිනෙන්නට නියමිත බවකි. හදාරන්නන් පෙන්වා දෙන්නේ Microsoft Edge වල නවතම Canary සංස්කරණයක් සමග මෙම හැකියාව අත්විඳි බවකි. මෙහිදී භාවිතාකරන්නා විසින් තොරා දෙන text කොටසක් AI-generated text එකක් ලෙසට නැවත සකසන්නට හැකි අතර ස්වභාවයන් හතරකට එනම් professional, casual, enthusiastic,informal ලෙසට ආකාර හතරකට එනම් paragraph, email, blog post, ideas වැනි තේරීම් යටතේ short, medium, long.වැනි නිමැවුම් තේරීමක්ද සමග සකසා ගන්නට හැකි වන බවට පැහැදිලි කෙරෙනවා. තවමත් මෙම අංගය පෙර සංස්කරණ මට්ටමේ පවතින්නකි.
Pubudu Siriwansa