Microsoft ආයතනය තම Windows 11 සදහා සහය දක්වන Intel සහ AMD processors පිලිබඳ යලිත් සංස්කරණය කර ඇහි බවට හදාරන්නන් පෙන්වා දෙනවා. ඒ අනූව නව Ryzen chips කිහිපයක් එකතු කරන්නටත් පැවති Intel CPUs කිහිපයක් ඉවත් කරන්නටත් ක්‍රියාකර ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. මීට අමතරව windows 11 සදහා සහය නොදක්වන දෘඩාංග සදහා Windows 11 ස්ථාපනයට ඉඩ නොදෙන්නට ද කටයුතු කරමින් සිටින බවයි කිය වෙන්නේ. එම භාවිතාකරන්නා පවසන්නේ තමන් Canary channel වලින් වන නවතම Windows 11 සංස්කරනයන් සදහා පැමිනෙන්නට සහය නොදක්වන බව අත්විඳිමින් සිටින බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ TPM bypass පවා සහය නොදක්වන බවක් තමන් අත්විඳිමින් සිටින බවකි.
Pubudu Siriwansa