Microsoft ආයතනය තම Edge බ්‍රවුසරය වඩාත් පැතිරුනු අංග රාශියක් ‍රැගෙන එන බ්‍රවුසර අත්දැකීමක් කරන්නට කටයුතු කරමින් සිටිනවා. මේ වන විටත් එම browse නවතම සංස්කරනය සමග built-in ආකාරයට calculator, unit converter, සහ speed tester ආදී අංගයන් එකතු කර ඇති අතර ලගදීම Windows Photos apps එකද සංයුත්තකර එවන්නට සැරසෙන බවට පැවසෙනවා. දැනටමත් Edge Canary වල මෙම අත්දැකීම වන අතර අදාල picture එක මත Right-clicking අවදිවන option සමග crop කිරීම brightness, exposure ආදිය adjust කිරීම , filters යෙදීම ඇතුලු හැකියාවන් කිහිපයක්ම වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. ඔබට දැනට මෙම අත්දැකීම Microsoft Edge වල Canary release එක සමග අහ්විඳින්නට හැකිවනු ඇත.
Pubudu Siriwansa