Apple ආයතනය මේ වන විට iPhone 6S හා iPhone 6S Plus නිල ලෙසට නිවේදනය කොට ඇත. ඊයේ සිදුවූ මෙම නිකුතුවේ වන ප්‍රධානතම සිත්ගන්නා සුලු අංගයක් වන්නේ එය multi-touch gesture technology එනම් ‘3D Touch’ display එකකින් සමන්විතව පැමින තිබීමය. 2007 වන විට ඇපල් ආයතනය තම iPhone සමග Multi touch මුලින්ම ගෙනෙන ලද අතර අදව විට එය ජංගම දුරකථන අතර අනිවාර්ය අංගයක් තරමට ප්‍රචලිතව භාවිතාවේ. එම භාවිතාවට නව මානයක් ගෙනෙන ‘Peek’ හා’Pop’ හැසිරවීම සමග iOS 9 භාවිතාකරන්නගේ තිරය සමග කටයුතු කිරීම වඩාත් පහසු නව ආරක් ‍රැගෙන විත් තිබේ. මෙහිදී භාවිතාකරන්නා app ක්‍රියාකාරකමක් විවෘත කරන ආකාරය හා එය සමග අන්තර්ක්‍රියා කරන ආකාරය වඩා පහසු සරල කර තිබේ.
ඔවුන්ගේ ‘Force Touch’ technology සමග තිරය මතට යෙදෙන පීඩනය අනූව ලැබෙන වැඩි ක්‍රියාකාරකමක් ගෙනවිත් ඇති අතර උදාහරන ලෙසට පෙන්වා දෙන්නේ long press එකක් සමග අදාල app එක සමග වන අනු ක්‍රියාකාරකම් වලට shortcuts ලැබෙන අතර deep මෙහෙය වීමක් සමග එවායේ වන specific features වෙතට ඉක්මන් පිවිසීමක් ලබා ගත හැකි බවටයි පැහැදිලි කෙරෙන්නේ. ආයතනය පවසන්නේ app සංවර්ධකයින් සදහා මෙම නව gestures හා pressure inputs සමග තම app සදහා වඩාත් පහසු හැසිරවීම් එක් කරන්නට හැකි වන බවයි. එසේම නව දුරකතනය සමග පැමිනෙන iSight camera ඔස්සේ 12-megapixel sensor හැකියාව නිසා 4K resolution වීඩියෝවන් හා panoramic images වඩාත් පුලුල් ආකාරයකට ලබා ගන්නට හැකි වනු ඇති බවකි.