Google ආයතනය 2014 වසර “The Year of the Selfie” ලෙසටද හැදින්විය හැකි බවට පෙන්වා දී තිබිනි. එතරම ආකර්ෂනයක් ලබාගත් ක්‍රියාකාරකමක් වූ මෙහිදී භාවිතාකරන්නෙකු වඩාත් ආකර්ශනීය පසුබිමක් මත තම ඡයාරූපයක් ලබා ගැනිමත් එය සමාජ ජාලාවක පලකිරීමත් බොහෝ විට සිදුවිය. ලොව පුරා වන හදාරන්නන් පෙන්වා දුන්නේ වඩාත් ආකර්ෂනීය වීම සදහා මෙම භාවිතාකරන්නන් තම ජීවිත අනතුර ගැනද නොතකමින් වඩාත් භ්‍යානක පසුබිම් වෙතට පිවිසීමේ කැමැත්ත විසින් ලොව පුරා අකාලයේ මිය යෑම් රාශියක්ම වාර්ථාකරන්නට සමත්වූ බවයි. ඉන්දියවද තම උත්සව සමයක් ආසන්නයේ නිවේදනය කර සිටියේ “no selfie zone” කලාප නිවේදනය කරන්නට තමන් කටයුතු කර ඇති බවයි. සමහර රටවලදී “A cool selfie could cost you your life” වැනි මාතෘකා යටතේ දැනුවත් කිරීමේ වැඩසටහන්ද මෙම වෙගයෙන් පැතිර යමින් ඇති “Selfie madness” ප්‍රවනතාවය පාලනය සදහා යොදා ගනිමින් සිටින බවට වාර්ථා වේ. රුසියාවේදී මෙනම බ්‍රිතාන්‍යයේදීද කිහිප විටක්ම තරුන ජීවිත අකාලයේ අවසන් කර දමන්නට සමත් වුවද ලොව පුරා වන ප්‍රදාන ඝනයේ රාජ්‍ය රාජ්‍ය නායකයින්ද මෙම භාවිතාවට එක්වූ අවස්ථා පලවෙන අතර තොරතුරු යගයේ තවත් අපූරු සරල මෙන්ම ආකර්ශනීය භාවිතාවක් ලෙසට වන පිලිගැනීම ඉහල තලයක පවතී.