Facebook ආයතනය WhatsApp 2014දී මිලට ගනු ලැබුවේ ඩොලර් බිලියන 19ය කටය. ඒ වන විට මෙම සේවාව වටා මාසිකව සැලකිමේ සංක්‍රීය මට්ටමේ භාවිතාකරන්නන් මිලියන 450ක් වනු ලැබුවා. පසුගිය ජූලි වන විට එය මිලියන 800ක් කර වර්ධනය කරන්නට Faceook සමත්ව තිබූ බවට වාර්ථා වූ අතර ඒ සදහා iOS මෙන්ම Android උපාංග සමග වඩාත් නම්‍යව කටයුතු කිරීමේ හැකියාව දියුනු කර භාවිතාකරන්නන් වෙතට වඩාත් සමීප කරන්නට හැකිව තිබුනා. මෙම සේවාව සමග texting හා voice calls ආකාරවලට Wi-Fi හා data ආකාරයේ සබඳතා සමග කටයුතු කරන්නට හැකි වන අතර භාවිතාවට පිවිසේන පලමු වසර තුල නොමිලේ භාවිතාවට හැකිවන අතර දෙවන වසරේසිට වාර්ෂිකව ඩොලර් එකක ගාස්තුවක් අය කරනු ලබනවා. 2014 වසරේ පලමු භාගය සැලකීමේදී පමනක් මෙම සේවාව Facebook ආයතනයට ඩොලර් බිලියන 15ක ආදායමක් ගෙන දෙන්නට සමත්වූ බවටයි වාර්ථා වූවේ. තම නිල පනිවිඩ සේවාව ලෙසට සැලකෙන Facebook Messenger වලට වඩා ඉදිරියෙන් වන  WhatsApp වටා මාසිකව ගැවසෙන සංක්‍රීය මට්ටමේ භාවිතාකරන්නන් ප්‍රමානය බිලියනයට ආසන්න වෙමින් සිටින බවටයි නවතම තොරතුරු පෙන්වා දෙන්නේ.