Internet Explorer යනු Microsoft ආයතනයේ එක් ප්‍රබල අනන්‍යතාවයකි. ලොව ඉහලම බ්‍රවුසර භාවිතාවක් ලබ ගත මෙම බ්‍රවුසරයේ අනාගත ගමන් මග අවසන් කරමින් එම ආයතනය windows 10 සමග නව බ්‍රවුසර අනන්‍යතාවයට පිවිසෙන්නට තීර්නය කැර තිබිනි. එනම් windows 10 සමග පැමිනි Microsoft Edge නව බ්‍රවුසරය හදුන්වා දෙමිනි. ක්‍රමයෙන් ආයතනික සහය අවසන් වීමට නියමිත පැරනි බ්‍රවුසර සංස්කරන අතරින්  versions 8, 9, and 10 සදහා  වන සහය මෙම මස 12 දායින් අවසන් වන්නට නියමිත බවටයි මේ වන විට නිවේදනය වී ඇත්තේ. ආයතනය මෙදිනට අවසන් යාවත්කාලීනය මෙම සංස්කරන සදහා නිකුත්කරමින් බ්‍රවුසරය ඔස්සේ නව සංස්කරනයකට පිවිසෙන ලෙසට භාවිතාකරන්නා හට මතක්කර දෙන සටහනක් දක්වන්නට පටන් ගනු ඇති බවටයි පැවසෙන්නේ. දැනට නිකුත්ව ඇති තොරතුරු වලට අනූව ඉහලම මට්ටමේ හානිකර තත්වයන් සදහා මින් ඉදිරියටද ආරක්ශිත යාවත්කාලීන නිකුත්කරන්නට නියමිත මුත් භාවිතාකරන්නන් වෙතට උපදෙස් දෙන්නේ Internet Explorer 11 සංස්කරනය වෙතට පිවිසීම හෝwindows 10 වෙතට පිවිසීම කර Edge බ්‍රවුසරය භාවිතයට ගන්නා ලෙසටය.