සංකීර්න හා කාර්යබහුල ලෝකය තුල තම සගයෙකුගේ live location එක පහසුවෙන් හුවමාරු කර ගන්නට හැකි වීම ඉතා වැදගත්ය. එසේම යමෙකුගේ අවසරයකින් තොරව Tracking කිරීමද සදාචාර සම්පන්න නොවන කාරනාවක් පමනක් නොව නීතිවීරෝධී දෙයක්ද විය හැක. පහත දැක්වෙන්නේ පහත දැක්වෙන්නේ යමෙකු සමග iPhone / iPad භාවිතාවකන් හා Google Maps සහයෙන් Google Maps location එක බෙදා හදා ගැනිමට ගත යුතු සරල පියවරවල් කිහිපයයි. මෙම ක්‍රියවලිය සදහා පලමුව ඔබ සහ අදාල share කිරීමට බලපොරොත්තු වන අයගේ Google accounts ගූගල් Contacts යටතේ එකි නෙක යාවී තිබීම වැදගත් වේ. අනතුරුව ඔබගේ device එකේ Google Maps විවෘත කර profile picture හරහා Location Sharing තොරා ගැනීමට සිදුවනවා. අනතුරුව Add People ඔස්සේ අදාල අය හෝ අයවලුන් සමග your location කිරීමට බලා පොරොත්තු වන වෙලාව ‍තෝරා ගැනීම හා ඒ අදාල අය හෝ අය වලුන් තොරා ගන්නට කටයුතු කල යුතුයි. අවසානයේ permission ලබා දීමකින් එම ක්‍රියාවලිය අරබන්නට ඔබට හැකි වනු ඇත. යම් හෙයකින් Google account නොමැති අයැක් සදහා නම් ඉහතදී හමුවන Add People ඔස්සේ location link එක iMessage හෝ වෙනත් app එකක් ඔස්සේ බෙදා හදාගන්නට හැකිවනු ඇත. Android සදහාද ඉහත ක්‍රියාවලිය වලංගුවේ.
Pubudu Siriwansa