Starlink මෙසේ පැහැදිලි කරගන්නට හැක. සාමාන්‍යයෙන් satellites එකක් පෘතුවියට ඉහලින් ස්ථාන ගත වන්නේ 35,000km වඩා ඉහලින් වන විට Starlinkවල multiple satellites පද්ධතිය orbit වන්නේ 550km ලෙසටය. ඒ අනූව low orbit එකක වන Starlink satellites නිසා පෘතුවිය මතට වඩාත් වේගවත් Data පහසුකම ගෙනෙන්නට එයට හැකි වනු ඇත. විශේෂයෙන් පෘතුවිය මත වන නෙක භූවිශමතා බාදක ඉක්මවමින් එකසේ දත්ත පහසුව ගෙනෙන්නට පොරොන්දුවන මෙම SpaceX යටතේ වන Starlink පහසුව මේ වන විට Ukraine සදහා විවෘතව ඇති බව එම ආයතනය නිවේදනය කරන්නේ පවතින යුධතත්වය යටතේ එරට පුර වැසියන්ට තම සංනිවේදන සබඳතා අකංඩව පවත්වාගෙන යාමට සහයක් ලෙසටයි. අවශ්‍ය දෘඩාංග පහසුව ඉක්මනින් සපුරන්නට කටයුතු කරන බවට පවසන එම ආයතනය ඒ ඔස්සේ broadband cables හෝ mobile masts වලින් තොරව internet connectivity එක ගෙනෙන්නට හැකි වන බව පැහැදිලි කරනවා.
Pubudu Siriwansa