Google Chrome 103 සංස්කරනය පසු ගිය දා වැඩි අවධානයක් ලබා ගත්තේ ගෙනවිත්න් තිබූ නවාංග කිහිපයකම භාවිතාකරන්නන්ගේ වැඩි අවධානයක් ලබා ගන්නට සමත්වීම නිසාය. ඒවා අතර pre-rendering mechanism ඔස්සේ වේගවත් වෙබ් අඩවි භාවිතාවක් ගෙන ඒම මෙන්ම වෙබ් ඇප්ස් සදහා පහසුවෙන් local fonts භාවිතයට ඉඩ සැලසීම වැනි අංගයන් විය. මේ වන විට Google ආයතනය පවසන්නේ තම update එක ඔස්සේ 0-day exploit ඇතුලු security issues කිහිපයක් සදහාම සැකසුම් ගෙනෙන්නට තමන් ක්‍රියාකර ඇති බවකි. version 103.0.5060.114 ලෙසට Windows සදහා වන නව සංස්කරනය මෙන්ම Chrome for Android සදහා version 103.0.5060.71. ලෙසටද නව නිකුතුව නම්කර තිබෙනවා. බ්‍රවුසරයේ top-right වල වන three-dot menu එක ඔස්සේ පිවිස Help > About Google Chrome වලදී මෙම නව update එක ඔබ සදහා available ද යන වග දැනගන්නට හැකි වනු ඇත.
Pubudu Siriwansa