අන්තර්ජාලය මත යැපීම වැඩි වන විට සිදුවන තවත් එක් රිනාත්මක ස්වභාවයක් වන්නේ වැඩි වැඩි යෙන් සයිබර් අපරාධකරුවන්ගේ ක්‍රියාකාරකම්ද වැඩි වීම හා සංකීර්න වීමය. බොහෝ අපරාධකරුවන්ගේ උපංක්‍රම අතර ඒ ඒ උපාංග සදහා වන තාක්ෂණික දුර්වලතා අදාල නිෂ්පාදකයින් හඳුනාගෙන පිලිසකර නිකුත් කරන්නට පෙර අපරධකරුවන් හඳුනාගෙන ඒ ඔස්සේ අනවසර කටයුතු වලට යොද ගැනීම හැරුනු විට නිවැරදිව යාවත්කාලීනව තබා නොගැනීම මෙන්ම ප්‍රමානාත්මක අවධානය නොයෙදීම නිසා ලැබෙන අවස්ථාවන් ඔස්සේ අපරාධකරුවන්ට අවස්ථාව සැලසීම දැකිය හැකියි. ප්‍රධාන මෘදුකාංගය නැති නම් මෙහෙයුම් පද්ධතිය මෙන්ම අමතර මෘදුකාංග පිලිබඳවද පැමිනෙන යාවත්කාලීන පිලිබඳව අවධානයෙන් සිට ඒවා ලබා ගන්නට කටයුතු කිරීම මෙන්ම අවසර පද සදහා සරල යෙදුම් භාවිතා නොකිරීමත් කලින් කලට ඒවා වෙනස් කිරීමත් මෙන්ම මේ වන විට සියළුම පාහේ සේවා සපයන්නන් භාවිතාකරන දෙවන තෙවන පෙල ආරක්ෂිත (Authenticator) පි7යවරවල් තම ගිනුම සම්බඳයෙන් සංක්‍රියකරවීම වැද ගත් වනු ඇත. මීට අමතරව සමාජජාලා වැනි ක්‍රම ඔස්සේ ගොඩ නැගෙන සබඳතා ඔස්සේද භාවිතාකරන්නන්ගේ පෞද්ගලික ජීවිතයට මෙන්ම තොරතුරු උපාංගයට එබී බලන්නට හෝ අපරාධයක් කරන්නට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සිදුවේ.
Pubudu Siriwansa