Gamail බහුලතම email භාවිතාව බව විවාදයකින් තොරය. එම භාවිතාවේදී සරල සීමාවන් කිහිපයක් ඔබ දෙස බලා සිටිනු ඇත. පලමුවැන්න නම් එකවර email සියගනනක් යවන්නට උත්සාහ කල විට spammer වීමක් ලෙසට ඔබව තේරුම් ගැනීමය. බොහෝ විට “You have reached a limit for sending mail.” යන අවවාදය ඔබට ලැබෙන්නට නියමිතය. එසේම එකවර 500 recipients ලා හට email යවන්නට හෝ එක් දිනකදී 500 emails යොමුකල විට ඔබගේ ගිණුම පැයක සිට පැය විසිහතරක් දක්වා banned වීමකට මෙන්ම නැවත නැවත මෙම සිදුවීම ඔබ අතින් වීම permanent ban එකකට ඔබව ‍රැගෙන යනු ඇත. ඔබගේ Gmail ගිනුමට red flag එකක් Google වෙතින් ලබන්නට තවත් කාරනාවක් වන්නේ සැබෑවටම නොමැති Email ලිපිනයකට නැවත යොමු කරන්නට උත්සාහ කිරීම නැතිනම් non active addresses වෙතට නැවත නැවත යොමුකරන්නට උත්සාහ කල විට spammer කෙනෙකු ලෙසට නම් වීම හා පැය විසිතර දක්වා send emails හැකියාව වැලකෙන්නට නියමිතය. අවසානයේ ඔබව AI detection ඔස්සේ illegal stuff යොමුවකට භාවිතාවීම ද ගිණුම banned වීමකට මග කියනු ඇත.
Pubudu Siriwansa