Apple නිවේදනය කරන්නේ iOS 16, iPadOS 16, හා macOS වල සිට Lockdown Mode නම් අධිආරක්ෂිත optional protection එකක් එක් කරන්නට තමන් කටයුතු කරන බවයි. මෙම ටූලය පැහැදිලි කරන ඔවුන් පවසන්නේ මෙම අංගය advanced attacks ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වෙමින් Messages වලදී attachment වලකන්නට, Web browsing වලදී just-in-time (JIT) JavaScript compilation ආදිය වලකන්නට වැනි අංග කිහිපයකින් සමන්විතව පැමිනෙන බවයි. මෙම Lockdown Mode වලදී නිරන්තරයෙන් නවතම පහරදීන් ක්‍රමවේදයන් ගැන අවධානය යොමුකරමින් ඉහල ආරක්ෂිත භාවිතාවක් බලාපොරොත්තුවෙන්නන් සදහා සූදානම් කරන්නක් බවටයි පැහැදිලි කරන්නේ.
Pubudu Siriwansa