CYBERSECURITY ආයතනයක් පවසන්නේ Microsoft Office documents ඔස්සේ malware පැතිරීමේ නව ප්‍රවනථාවයක් තමන් දකිමින් සිටින බවයි. Microsoft Office වල පැරණි සංස්කරන භාවිතා කරමින් සිටින්නන් වෙතට අනතුරු අගවන ඔවුන් පැහැදිලි කරන්නේ Excel files ඔස්සේ පැමිනි 1,000 malicious ප්‍රමානයක් June වල දින 12ක් තුල හඳුනා ගන්නට සමත්වූ බවකි. පැහැදිලි කරන ඔවුන් පවසන්නේ phishing emails ඔස්සේ පැමිනෙන attachment එකකින් ඇරබෙන මෙම හානිවීම ඔස්සේ Emotet නම් malware program එක ඔබගේ උපකරනය මත සංක්‍රිය කරවන්නට සමත්වනු ඇති බවයි. වැඩි දුරටත් පැහැදිලි කරන ඔවුන් පවසන්නේ “macro-enabled” මෙම හානිකරය ඔස්සේ banking සහ financial information සොරා ගන්නට කටයුතු කරන බවයි. TechRadar පවසන්නේ දැනටමත් Microsoft මේ සදහා පියවර ගෙන තිබුනද outdated software ඔස්සේ හානිය පැමිනීමේ ප්‍රවනතාවයක් වන බවයි. සුපුරුදු උපදෙසක් දෙමින් හදාරන්නන් පැහැදිලි කරන්නේ නන්නාදුනන මූලයන් ඔස්සේ පැමිනෙන Email විවෘත නොකිරීම හිතකර පියවරක් වෙනු ඇති බවයි.
Pubudu Siriwansa