Chrome browser එක ඔස්සේ Windows computers ඉලක්ක කර ගන්නා malware එකක් සදහා ChromeLoader browser extension එක භාවිතාවෙන් Chrome වල settings වෙනස් කර ඔබව අනවශ්‍ය sites වෙතට ‍රැගෙන යාම ඔස්සේ ව්‍යාජ surveys හෝ adverts මෙන්ම තවත් විටක pornographic වෙතට යොමු කිරීම කරන බවටත් වාර්ථා වෙමින් තිබෙනවා. හදාරන්නන් පවසන්නේ පහර දෙන්නන්ගේ එම ක්‍රමවේදය ඔස්සේ antivirus tools වලින් සැගව තම කාරනාව ඉදිරියට ගෙන යන්නට සමත් බවයි. ඔවුන් පෙනවා දෙන්නේ Chrome වලදී chrome://extensions යන්න උත්සාහ කල විට ඔබව chrome://settings වෙතට ‍රැගෙන යමින් ඔබව නොමග යවන බවයි. මෙම හානිකරය Mac version වලදී DMG files ස්ථාපනයක් හරහා Safari වලටද හානිකරන්නට කටයුතු කරන බවයි. සැකසහිත බාගතකිරිම් සදහා පෙලබවිම ඔස්සේ මෙම හානිකරය ඔබවෙතට එන්නට කටයුතු කරන බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ.
Pubudu Siriwansa