Google යනු සෙවුම් කලාවේ දැවැන්තයා ලෙසට සැලකේ. වඩාත් ඉලක්ක ගත සාර්ථක සෙවුමකට Google සහය බොහෝ දෙනාගේ තේරීම වන්නේ එබැවිනි. හුදු සෙවුමකදී keywords මත පමනක් යැපීමෙන් ඉදිරියට විත් browsing history මෙන්ම browsing patterns මතද යැපෙමින් අපට සෙවුම් ප්‍රථිපලයක් ගෙන ඒමෙන් වඩාත් සාර්ථක සෙවුම් ප්‍රතිඵල ගෙනෙන්නට ඔවුන් කටයුතු කරමින් තිබිනි. මේ වන විට ඉන්ද ඉදිරියට යමින් තම mobile ප්‍රථිපල වඩාත් හරවත් කරන්නට images, video, news, වැනි පෙරීඉම් වලට අමතරව තවත් options එකක් ලෙසට topics යන්නද ගෙනැවිත් තිබේ. උදාහරණයක් ලෙසට “dinner ideas,” වැනි සෙවුමකදී “healthy” නැතිනම් “easy” වැනි topics ගෙනෙන්නට ඔවුන් කටයුතු කර තිබේ. ඔබ “healthy” යන්න ‍තෝරන විට “vegetarian” හෝ “quick” වැනි අමතර තේරීම් ඔස්සේ සෙවුම වඩාත් ඵලදායී කරන්නට ඔවුන් කටයුතු කරමින් සිටී.
Pubudu Siriwansa