Apple පවසන්නේ iCloud backups සදහාද end-to-end encryption හැකියාවෙන් මේ වන විට ආරක්ෂිත බව ඉහල දමා ඇති බවයි. ඒ නූව Apple තම backups, Notes, සහ Photos යන අංගයන් සදහාද end-to-end encryption ආරෂිත බව එක් කොට තිබෙනවා. සමස්තයක් ලෙසට සැලකීමේදී Apple තම evice backups, messages backups, iCloud Drive, Notes, Photos, Reminders, Safari bookmarks, Siri Shortcuts, Voice Memos, සහ Wallet Passes අංග සදහා Advanced Data Protection බව ලබා දී ඇති අතර වැඩි දුරටත් පැහැදිලි කරමින් පවසන්නේ iCloud Mail, Contacts, සහ Calendar යන සේවාවන් වලදී අනෙකුත් සේවාවන් සමග කටයුතු කරන්නට අවශ්‍ය නිසා විවෘතව තබන බවය.
ඔවුන් ලබාදෙන standard data protection මට්ටමේදී encryption keys ආයතනය යටතේ පවතින අතර Advanced Data Protection වලදී සම්පූර්නයෙන්ම අදාල උපාංගය මතම තොරතුරු පවතින බවට පැහැදිලි කරනවා. මෙම Advanced Data Protection හැකියාව US භාවිතා කරන්නගේ සිට ක්‍රමයෙන් ලොවපුරා මුදා හරින්නට සමාගම කටයුතු යොදා ඇති අතර hardware keys සමග two-factor authentication හැකිට්=යාව එලබෙන වසර මුලදී සිට මුදා හරින්නට කටයුතු කරන්නට සැලසුම් කර ඇති බවටත් නිවේදනය වනවා.
Pubudu Siriwansa