Google තහවුරු කොට සිටින්නේ නව Android logo එකක් ඉක්මනින්ම පැමිනෙන්නට නියමිත බවත් එය 3D design ස්වරූපයේ එකක් වන්නට නියමිත බවත්ය.ඔවුන් ඉගි කොට සිටින්නේ එය green robot ආකාරයේ වනු ඇති බවකි. Google ආයතනය දැනටමත් මෙම නව Logo ව සමහර උපාංග හා හමුවීම් වලදී අත්හදා බලමින් සිටින බවටයි වාර්ථා වන්නේ. මෙම 3D robot වලට අමතරව Android වල wordmark එකද නව font style එකකට ගෙනයන්නට ඔවුන් සැලසුම් කරමින් සිටින බවටයි වාර්ථා වෙන්නේ.නව Logo ව “Powered by Android” යන්න සදහා replac වීමක් බලාපොරොත්තු වෙමින් තිබෙනවා. මේ අතර Android 14 වල පැමිනීම මෙම වසරේ සිදුවෙනු ඇති බවට බලාපොරොත්තු වන අතර දැනටමත් Android beta tester අතර මෙහි පෙර සංස්කරණයක් අත්හදාබැලෙමින් තිබෙනවා.
Pubudu Siriwansa