හදාරන්නන් පිරිසක් පෙන්වා දෙන්නේ ආයතනික මට්ටමින් මෙන්ම පෞද්ගලික මට්ටමින් HACKED කිරීමේ උත්සාහයක නව ප්‍රවනතාවයක් දක්නට ලැබෙන බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ $800 වැනි මුදලකට මේ සදහා අවශ්‍යවන email templates, hosting, හා automated services අලවියට underground cybercrime forums පෙලබී ඇති බවයි. එම හදාරන්නන් පැහැදිලි කරන්නේ phishing emails ආකාරයට ඔබගේ විස්වාසනීය ආයතන වන බැංකුව වැනි ආයතනයන් භාවිතාකරමින් පැමිනෙන්නට ඉඩ ඇති බවයි. Gmail මෙන්ම Outlook වැනි ප්‍රධාන පෙලේ ඊමේල සේවාවන් ඔස්සේ පැමින්නට හැකි මෙම හානිකරයන් ගැන Microsoft අයතනයද අනතුරු අගවමින් සිටිනවා. තවදුරටත් පැහැදිලි කරන්නේ මෙම social engineering ආකාරදී phishing emails හරහා භාවිතාකරන්නා නොමග යවා ගිනුම් වලට ඇතුල් වන තොරතුරු ලබා ගැනීමේ සිට ඒවා තවත් පාර්ශව වලට අලවිකිරීම දක්වා මේ හානිය සිදුකරමින් සිටින බවයි. සරලව පැවසෙන්නේ ඔබවෙතට එන ඊමේල පිලිබඳව සැලකිලිමත් වීමත් ඒවායේ වන ලින්ක් සමග ඉදිරියට යාමේදී වඩාත් සැලකිලිමත් වීමත් අවසානයේ ඒවා ඔස්සේ ඉල්ලා සිටින ඔබගේ වැදගත් තොරතුරු ලබා දිමේදී උපරිම සැලකිලිමත් වන ලෙසටයි.
Pubudu Siriwansa