පසුගිය සතියේ වූ G7 නායක හමුවකදි ද AIවල හෙට දවස පිලිබඳව අවධානය යොමුව තිබූ බවටයි වාර්ථා වන්නේ. මෙම G7 කන්ඩායමට U.S., Japan, Germany, Britain, France, Italy, Canada, EU යන රටවල නායකයින් ගෙන් සමන්විත වන අතර එහිදී නිර්මාණය වෙමින් ඇති AI භාවිතයේදී තිබිය යුතු විස්වාසනීය බව, විනිවිඳබව ආදිය ගැන මෙන්ම AI සමග කටයුතු කරන ඉහල පෙලේ විද්වතුන් පවා සමහර අවස්ථාවලදී පල කරන අදහසක් වන සමහර අවස්ථාවලදී AI වල අභ්‍යන්තර හැසිරිම් ගැන නොදන්නා බව හෝ අපැහැදිලි බව පිලිබඳව සැකපලකිරීම ගැන ද අවධානයට ලක්ව තිබූ බවටයි වාර්ථා වන්නේ. මෙහිදී අවධානයට ලක්වූ තවත් කරුනක් ලෙසට chatbots වැනි AI මුලික Tools විසින් ලබා දෙන disinformation, malinformation සහ misinformation ආකාරයේ තොරතුරු පිලිබඳව මෙන්ම රාජය මට්ටමින් පවා එල්ල වෛය හැකි අභියෝග මෙන්ම intellectual property සහ copyright laws උල්ලංගනය වීම් ගැනද අවධානය යොමුව ඇති බවටයි කිය වෙන්නේ.
මේ වන විට ලොව පුරාම රාජය මට්ටමින් මෙන්ම සංවිධාන මට්ටමින් AI විසින් නිර්මානය කරමින් ඇති නව භාවිත රටාවල් ගැන දැඩි අවධානයක් ලබා ගනිමින් මෙන්ම ඒවා පිලිබඳව නෛතික හා සදාචාරාත්මක ප්‍රමිතීන් පිලිබඳව කටයුතු කිරීම දක්නට ලැබෙන කාරනාවක් වෙමින් ඇත.
Pubudu Siriwansa