TikTok නම් ලොව ප්‍රකට සමාජ මාධ්‍ය ජාලය ඉතා සංකීර්ණ කාලයක් පසු කරමින් සිටින බව පෙනේ. රටවල් කිහිපයකින්ම ඔවුන් තම භාවිතාකරන්නන්ගේ දත්ත සමග කටයුතු කරන ආකාරය ගැන නෙක චෝදනා කරමින් සිටිනවා පමනක් නොව සමහර රටවල් විසින් ඊට විරුද්ධව පියවරවල්ද ගනිමින් සිටින බවට වාර්ථා පැමිනෙමින් තිබෙනවා. TikTok පවසන්නේ තමන්ට United States වල භාවිතාකරන්නන් 150 million ක් ප්‍රමානයක් සිටින බවත් හා තමන් $1.5 billion වියදමකින් Oracle සමග එක්ව ඇමරිකානු භාවිතාකරන්නන්ගේ දත්ත U.S. servers වල තැන්පත් කරන්නට කටයුතු කරමින් සිටින බවකි.
කෙසේ වෙතත් පසුගියදා Montana වල නව නීතියක් ගෙනෙනු ලැබුවේ January 2024 සිට TikTok භාවිතාව සම්පූර්ණයෙන් තහනම් කරන්නට පියවර ගනිමිනි. මේ වන විට TikTok පවසන්නේ තමන් මීට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග වලට යන බවත් මෙම නීතිය අදහස් පලකිරීම වැනි අතිශය මූලික අයිතීන් සීමාකරන්නට කටයුතු කරමින් සිටින බව කියමිනි. පෙර කී නීතියට අනූව භාවිතය තහනම් කිරීමට අමතරව Apple හා Google වල app store වලටද පවසා සිටින්නේ TikTok වල app එක බාගත කිරීමට ඉඩ සැලසුව හොත් දිනකට $10,000 දක්වා දඩයකටද යටත් කරන්නට හැකි බවකි.
Pubudu SAiriwansa