තම භාවිතාකරන්නන් නිසි ලෙස දැනුවත් නොකර ඔවුන්ගේ phone numbers හා e-mail addresses භාවිතාකරමින් ලාභ ලැබීමේ අරමුනින් advertisers ලා සදහා target ආකාරයේ වෙළඳ දැන්වීම් සදහා භාවිතා කිරීම නිසා Federal Trade Commission (FTC) වෙතින් $150 million දඩයක් නියමව තිබේන බවට වාර්ථා වෙනවා. බොහෝ ආයතනයන් මේ වන විට භාවිතාකර්න්නන්ගේ e-mail addresses ආදිය ‍රැස් කරගැනීමේ එක් අරමුනක් වන්නේ ඔවුනට තම අවසර පද අමතක වන අවස්ථාවකදී ඒවා නැවත සකසාගැනීමේ දී අනන්‍යතා තහවුරුව සදහා වන අතර තවත් විටකදී භාවිතාකරන්නෙක් තම ගිනුමට අතුළුවීමේදී two-factor authentication හරහා වඩා ආරක්ශිත දෙවන ආරක්ශක පියවරක් හරහා වඩාත් සුරක්ෂිතවීම ලබා ගන්නවා. Twitter ආයතනයට එම චෝදනාවේදී දක්වන කරුන වන්නේ එම තොරතුරු භාවිතාකරන්නාහට නොදන්වා ඉලක්ක ගත දැන්වීම් සදහා භාවිතාවීමයි. එමෙන්ම FTC ආයතනය Twitter වෙත දැනුම් දී ඇත්තේ තම සේවාවන් තුලදී privacy හා security risks පිලිබඳව අවධානය යොමුකිරීම අවශ්‍ය බවයි.
Pubudu Siriwansa