Firefox බ්‍රවුසරය හැඳින් වෙන්නේ වඩාත් වේගවත් හා වඩාත් ආරක්ශිත මෙන්ම භාවිතාකරන්නා හට වඩාත් අවශ්‍ය පරිදි සැකසුම් අවකාශ ලබා දෙන මෘදුකංගයක් ලෙසටය. එසේම මෙම බ්‍රවුසරය සමග pop-up blocking, tab-browsing, අභ්‍යන්තරයෙන්ම සංයුත්තව පැමිනෙන ගූගල් සෙවුම් පහසුව , මෙන්ම වඩාත් සරලව ක්‍රියාත්මක කරවා ගත හැකි privacy පාලනය මෙන්ම එක වර වඩාත් පි‍ටු ප්‍රමානයක් විවෘතව තබා ගැනීමේ හැකියාව දැක්වෙනවා. නවීනතම තාක්ශන පහසුව ගෙනෙන මෙම බ්‍රවුසරය සමග smart location bar සංක්‍රියකොට භාවිතාකරන්නා වෙතට වඩාත් අනනයවූ ප්‍රථිපල ලබා ගන්නට මෙන්ම දිනෙන් දින සයිබර් අවකාශය අපවිත්‍ර කරමින් සිටින viruses, worms, trojans, spywar වැනි හානිකරයන් සමග වඩාත් ආරක්ශිතව කටයුතු කිරීමේ හැකියාව පෙන්වා දෙනවා. මීට අමතරව Customization හැකියාව වඩාත් ඉහල මට්ටමකට ගෙනෙමින් 5,000 add-ons සමග කටයුතු කිරීමේ හැකියාව කැකී පෙනෙනවා. පහත දැක්වෙන සබදතා ඔස්සේ මෙම බ්‍රවුසරයේ නවීනතම සංකරනය දැන් ලබා ගන්නට හැකි වනු ඇත.

Firefox 34.0.5 for Windows

Firefox 34.0.5 for Linux

Firefox 34.0.5 for MacOS