Microsoft ආයතනයට වූ අභියෝග අතර Windows XP භාවිතාව අවම කර ගැනීම කැපී පෙනෙමින් තිබූ ඉලක්කයකි. මේ වන විට නිකුත්ව ඇති නොවැම්බර් මසය සදහා වන desktop ecosystem වල මෙහෙයුම් පද්ධති භාවිතාවන් විස්තර කෙරෙන වාර්ථා පවසන්නේ මේ වන විට Windows XP භාවිතාව 13.57% දක්වා පහතට පැමින ඇති බවකි. Windows 8 5.88% භාවිතාවේ සිට 6.55% දක්වා වැඩි වීමක් හා Windows 8.1 භාවිතාව 10.92% සිට 12.1% දක්වා මෙන්ම Windows 7 භාවිතාව 53.71% දක්වා 53.05% සිට වූ බවත්ය. පසුගිය දිනවලදී Microsoft ආයතනය දසක දෙකකට ආසන්නව පැවති දුර්වලතාවයක් සදහ නිකුත්කල යාවත්කාලීනයද XP සදහා අදාල නොවන ලෙසට කල අතර මෙසේ XP භාවිතාව අඩුවීම ඔවුනට අස්වැසිල්ලක් වනු ඇති බවට මෙන්ම Windows 8/8.1 වෙතට වැඩි අවධානයක් යොමු වෙමින් තිබීම සතුඅට කාරනයක් වෙමින් ඇති බවට බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා.

Capture