windows 10 සදහා සහය සූදානමකින් යුත් Mozilla වල Firefox බ්‍රවුසරයක  පැමිනීම පලමුවෙන් එම ආයතනය වෙතින් නිවේදනය වූවේ ගෙවී ගිය මාසයේදීමය. කෙසේ මුත් ජූලි 29 වන විට බලාපොරොත්තු වූ ආකරයට එම බ්‍රවුසර සංස්කරනය නිකුත්කරන්නට එම ආයතනයට නොහැකි වුවද මේ වන විට Firefox 40 ලෙසට එම සංස්කරනය නිකුත්ව තිබෙනවා. Mozilla ආයතනය පවසන්නේ windows 10 සමග සෙවුම් ප්‍රථිපල ඔවුන්ගේ Microsoft Bing වෙතින් පමනක් කරවන්නට වූ උත්සාහය තමන් සාර්ථකව ජයගෙන ඇති බවයි. එහිදී ඔවුන් පැහැදිලි කරන්නේ කැමති සෙවුම් යන්ත්‍රයක් සමග කටයුතු කරන්නට අවශ්‍ය සහය නව බ්‍රවුසරය සමග වන බවයි.
නව නිකුතුව සමග භාවිතාකරන්නා හට වැඩි අවකාශයක් තමන්ගේ වෙබ් පි‍ටු වෙතට ලබන්නට හැකිවන අතර නව add-on certification process සමග වඩාත් ආරක්ශිත බවක් ගෙනෙන්නට සමත්වනු ඇති බවට බලාපොරොත්තු පලවනවා. එසේම ඉදිරි සංස්කරන වලදී ආරක්ශිත සහතිකය නොමැති  third-party add-on බ්‍රවුසරයේ මුල් සැකසුම් ඔස්සේ අක්‍රිය වනු ඇති බවයි.