Microsoft සමාගම තම නවතම මෙහෙයුම් පද්ධතිය windows 10 සමග කටයුතු කිරීමේදී පැරනි සම්ප්‍රධායට වඩා වෙනස් මගක් ගන්නා බව යලිත් වතාවක් තහවුරු කරමින්  සතියක් තුලදී තම දෙවන   cumulative update ගොනුවද නිකුත් කරන්නට කටයුතු කර තිබෙනවා.  KB3081436 ලෙසට නම්වන මෙම යාවත්කාලීනය මේ වන විට ලබා ගත හැකි මට්ටමේ පවතිනවා. සාමානයයෙන් වසර කිහිපයකට වරක් ප්‍රධාන යාවත්කාලීන ගොනුවක් නිකුත්කිරීම ආකාරයට වූ සම්ප්‍රධාය වෙනස් කරමින් තමන් මෘදුකාංග සමාගමක සිට service model  වෙතට පැමිනීමේ සලකුනු මෙම නව රටාව පැන්න්නුම් කරමින් සිටිනවා. මීට පෙර සිදුවූ නිකුතුව සමග සමහර භාවිතාකරන්නන් වෙතට එය සාර්ථකව ස්ථාපනය නොවෙමින් නැවත නැවත ස්ථාපනයට අවශ්‍ය වීමෙ ගැටලුවක්ද වාර්තා වූ අතර හදාරන්නන් බලාපොරොත්තුවන්නේ මෙම නිකුතුව සමග එම ගැටලුවද විස‍ඳෙනු ඇති බවයි.
මේ අතට sony ආයතනය නිවේදනය කර සිටින්නේ තම VAIO භාවිතාකරන්නන් windows 10 වෙතට පැමිනීම එලබෙන ඔක්තෝබරය වන තෙක් පමාකල යුතු බවකි. අදාල drivers සූදානම් වීමට අවශ්‍ය කාලයත් සමග මෙම නිවේදය කර ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. මේ පිලිබඳ වැඩි විස්තර අදාල සේවා අඩවියෙන් ලබා ගත හැකි වනු ඇත.