Facebook වෙතට පසුගිය කාලයේ එල්ල වූ එක් ප්‍රධාන චෝදනාවක් වූවේ ඔවුන් විසින් තම භාවිතාකරන්නන්ගේ Online හැසිරීම ඔනෑවටත් වඩා හදාරන්නා කටයුතු කරන බවටයි. එම චෝදනා කරුවන් පවසා සිටියේ විටක බ්‍රවුසරයේ තැන්පත් වන cookies ඔස්සේ තම අඩවියෙන් පිටත පවා භාවිතාකරන්නන්ගේ හැසිරීම ගැන දත්ත එකතු කරන්නට කටයුතු කරන බවයි. Facebook ආයතන පවසන්නේ තමන් භවීතාකරන්නන්ගේ privacy එකට ගරුකරමින් European region වලදී වැඩි cookie choices ලබා දෙමින් prompt එකක් හරහා භාවිතාකරන්නන් හට වැඩි තේරීම් අවස්ථාවක් ලබා දෙන්නට කටයුතු කරන බවයි.
හදාරන්නන් පැහැදිලි කරන්නේ Facebook ආයතනය දෙයාකාරයක cookie හරහා තම භාවිතාකරන්නන්ගේ හැසිරීම පිලිබඳව තොරතුරු ‍රැස් කරන බවයි. එනම් session cookies වලදී එම බ්‍රවුසර භාවිත වාරය අවසන් කිරීමේදී අක්‍රියවන භාවිතාවක් හා අනෙක් persistent cookies වලදී භාවිතාකරන්නා මකා දැමීම දක්වා හෝ ඒවා විසින් අක්‍රිය වනතෙක් සංක්‍රියව පැවතීමයි. නමුත් Facebook ආයතනය පවසන්නේ මේවා ඔස්සේ සිදුවන්නේ භාවිතාකරන්නාගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමත් වෙබ් අඩවියේ ප්‍රසස්ථ ක්‍රියාකාරීත්වයකට අවශ තොරතුරු ‍රැස්කර ගැනීමත් බවයි.
Pubudu Siriwansa