WhatsApp යනු ඉතා බහුල භාවිතවකි. විශේෂයෙන් තාක්ෂණික පදනම ගැන එතරම් උනන්දුවක් නොදක්වන විශාල පිරිසකගේත් බහුල භාවිතාවකි. මෙවන් බහුල භාවිතාවන් සයිබර් අපරාධකරුවන්ගේ නිරන්තර අවධානය දිනාගන්නකි. Spanish බලධාරීන් පවසන්නේ ව්‍යාජ WhatsApp පනිවිඩයක් හරහා භාවිතාකරන්නන් හට backup එකක් සදහා එවනු ලබන Link එකක් සංක්‍රිය කරවන්නට උනන්දු කරවන අතර, භාවිතාකරන්න අතින් එම සංක්‍රීයකරවීම ලත් සැනින් අදාල උපකරනය වෙත හානිකරයක් download වීම සිදුවෙන බවයි. මෙම ආකාරයේ හානිකර උත්සාහයක් english වලින්ද පැමිනීමක් මීට කලකට පෙර සිදුවූ අතර භාවිතාකරන්නන් වෙත අවවාද කරන්නේ මෙවන් email ගැන දැඩි අවධානයකින් කටයුතු කරන ලෙසත්, සැකසහිත එවන් Email ඉක්මනින්ම මකා දමන්නට කටයුතු කරන ලෙසත් මෙන්ම වැරදීමකින් හෝ එවන් Link එකෙක් Click වුවහොත් updated antivirus software හරහා scan කරන ලෙසත් හා නිරන්තරයන් මෙහෙයුම් පද්ධතිය ඇතුලු මෘදුකාංග ලේයරට යාවත්කාලීන මට්ටමේ තබා ගන්නා ලෙසත් මෙන්ම අවසානයේ විසඳාගත නොහැකි මට්ටමේ බිඳවැටීමකදී ප්‍රයෝජනයට ගැනීම සදහා නිරන්තරයෙන් back up සූදානමක් තබා ගන්නා ලෙසත්ය.
Pubudu Siriwansa