හදාරන්නන් පවසන්නේ Facebook / Instagram විසින් තවමත් in-app browser සමග භාවිතාකරන්නන් යන එන වෙබ් අඩවි සදහා ‘inject’ ආකාරයට tracking code තැම්පත් කරන්නට කටයුතු කරමින් සිටින බවයි. ඔවුන් යෝජනා කරන්නේ මේ ආකාරයට Facebook / Instagram සමග Meta විසින් භාවිතාකරන්නන්ගේ Internet history, passwords, addresses, මෙන්ම credit card numbers ආදිය ලබා ගන්නට කටයුතු කරන බවට තමන් උපකල්පනය කරන බවයි. Meta මේ සම්බන්දයෙන් පවසන්නේ තම tracking code ඔස්සේ භාවිතාකරන්නන්ගේ privacy preferences මෙන්ම targeted advertising සදහා පමනක් භාවිතාවක් කරන බවයි. හදාරන්නන් පෙන්වා දෙන්නේ Instagram app ඔස්සේද ඔවුන් tracking code එකක් ඔස්සේ භාවිතාකරන්නන්ගේ සියළුම හැසිරීම් දත්ත ගත කරගන්නට කටයුතු කරන අතර සංවේධී තොරතුරු පවා ‍රැස් කරන්නට කටයුතු කරන බවයි. Facebook ආයතනය මේ වන විට තම ව්‍යාපෘති සදහා artificial intelligence ආකාරයේ සහය ලබා ගනිමින් සිටින අතර වඩාත් සංකීර්නව භාවිතාකරන්නන් හා ඔවුන්ගේ හැසිරීම් දත්ත ගත කරන්නට කටයුතු කරමින් සිටිනවා.
Pubudu Siriwansa