Android ලොව බහුලතම භාවිතයක් දිනා ඇති මොබයිල් මෙහෙයුම් පද්ධතිය ලෙසට පිලිගැනේ. ලොව පුරා විසිර ඇති බොහොමයක් ස්මාර්ට් දුරකථන නිෂ්පාදකයින්ගේ මෙහෙයුම් පද්ධතිය ලෙසට සැලකෙන මෙහි දැනට වන නවතම මෙහෙයුම් පද්ධතිය වන්නේ Android 12 වේ. මේ වන විට Android 13 නැතිනම් Google විසින් හිමිත්වය දරන විවෘත මෙහෙයුම් පද්ධතියක් ලෙසට භාවිතයට ලබා දෙන මෙම මොබයිල් මෙහෙයුම් පද්දතියේ මීලග සංස්කරනයේ අවසාන පෙර නිකුතුව මට්ටමේ ඇති මීලග නිකුතුවටද කටයුතු සූදානම් වෙමින් තිබේ. තත්වය මෙසේ වන මුත් හදාරන්නන් පෙන්වා දෙන්නේ Android 12 වල සමස්ථ භාවිත මට්ටම තවමත් ඇත්තේ 13.3% ක බවකි. එම හැදෑරීමට අනූව මේ වන විට බහුලතම භාවිතාව වන්නේ Android 11 බවයි. හදාරන්නන් පෙන්වා දෙන්නේ Android වල නව සංස්කරන නිකුතුවත් භාවිතයට පැමිනීමත් අතර විශාල පරතරයක් වන බවයි.
Pubudu Siriwansa