Microsoft ආයතනය තම Windows 11 සදහා නිකුත් කල නවතම Edge සංස්කරනය සමග වෙනස් කම් රාශියක් ගෙනැවිත් තිබුනු අතර ඒවා අතර වූ sidebar එකක් සමග calculator, unit convertor, Photos app, (links)office suite, Outlook calendar වූ අතර සමහර හදාරන්නන් යෝජනා කරන්නට කැමතිවූවේ Microsoft ආයතනයද තම Edge web browser සමග Google ලාගේ Chrome OS එක සදහා තරග කරුවෙකු ගෙනෙන්නට කටයුතු කරනා බවක් පෙනෙන ලෙසටයි. තවමත් Microsoft සාමාගමේ අනාගත සැලසුම් අතර එවන් අදහසක් දක්නට නොලැබෙන බව කියවෙන අතර බොහෝ විට එම ආයතය තම බ්‍රවුසරය සදහා තරගකාරී ඉඩක් ලබා ගැනීමට කටයුතු කරමින් සිටිනවා විය හැකි බවටයි තවත් පිරිසක් යෝජනා කරමින් සිටින්නේ.
Pubudu Siriwansa