වඩාත් විධිමත් CDs, DVDs, හෝ Blu-ray තැටියක් නිර්මාණය කර ගන්නට මෙහෙයුම් පද්ධතිය සමග එන සරල මෘදුකාංග සහය නොසෑහෙන විටදී ඒ කටයුත්ත සදහා මැදිහත් වන්නට පැමිනෙන බරින් අඩු මුත් වඩාත් පූර්න අංගයන් ගෙන් සමන්විත මෘදුකාංගයක් ලෙසට මෙම BurnAware Free මෘදුකාංගය සැලකේ. මෙම මෘදුකාංගය සමග data, digital photos, music. video ලෙසට වන ඔනෑම ගොනු වර්ගයක් CD, DVD, Blu-Ray තැටියකට නිමවා ගන්නට හැකිවන වා සේම bootable හෝ multisession CDs නැතිනම් DVDs, මෙන්ම audio CDs ලෙසට වන ඔනෑම නිමැවවුමක් ලබා දෙන්නටද සූදානම් බවටයි දැක්වෙන්නේ. Windows 7 දක්වා වන මෙහෙයුම් පද්ධතී සදහා සහය දක්වන මෙම මෘදුකාංගය නොමිළේ භාවිතාකල හැකි වර්ගයේ එකක් වීමද ඔබට වඩාත් පහසුවක් වනු ඇත. මෙම මෘදුකාංගයේ නවතම සංස්කරනය පහත දැක්වෙන බැඳියාව ඔස්සේ ඔබටත් ලබා ගන්නට හැකි වනු ඇත.