ඔබගේ දත්ත උපාංගයේ වන Browser ය එක ආකාරයකට ඔබ පිලිබඳව කැඩපතක්ද වේ. එනම් ඔබ කරන කියන මෙන්ම සිදුම් පැතුම් පිලිබඳව අනගි ඡායාවක් එහි වන්නේ එහි ඇති historyය සමගයි. ඔබ ආගිය වෙබ් අඩවි මෙන්ම සොයන කරුනු ගැන බොහෝ තොරතුරු එහි තැන්පත් වන්නේ ස්වංක්‍රීයව වන අතර බාහිර පර්ශවයකට එය පත්වීම ඔබට හානිකරද විය හැක. ම්,ඒ නිසාම සෑම Browser එකක් සමග එහි තැන්පත් වන Search History ය මකා දමන්නට පහසුකම් සලසන අතර බහුලතම භාවිතාවක් වන Google Chrome වලද ඒ සදහා ඉඩ සලසා ඇත. බ්‍රවුසරයේ දකුනු දෙස ඉහලින් වන තිත් 3 කින් පිවිසෙන මෙනුව ඔස්සේ History ය වෙතට පිවිස පසුගිය පැයක කාලයේ සිට දින කිහිපයක් දක්වා කාල පරාස වලදී සටහන් වන Historyය මකා දමන්නට ඔබට අවස්ථාව ලැබෙන අතර එහිවන Incognito Mood එක සක්‍රිය කර අදාල බ්‍රවුසරය සමග කටයුතු කිරීමෙන් පෙර කී History ය අදාල උපකරනය මත සටහන් නොතබාම ඔබගේ වෙබ් සැරිය සදහා පහසුකම් සලසාලනු ඇත.
Pubudu Siriwansa