සාමාන්‍යයෙන් ඔබගේ WhatsApp ස්ථාපිතව ඇති මූලික උපාංගයෙන් ඔබ්බට වන ඔබගේ අනෙකුත් උපාංගයක් සමග WhatsApp භාවිතයට අවශ්‍ය වූ විටකදී පෙර කී ප්‍රධාන උපාංගය Onlineව තිබීම අනිවාර්යවිය. මේ වන විට WhatsApp විසින් testing මට්ටමේ වන අංගයක් සමග devices හතරක් සමග එනම් work phone / personal phone වැනි භාවිතාවකට ඉඩ සලසන්නට කටයුතු කරමින් සිටිනවා. ඔබගේ ප්‍රධාන Phoneය out of charge නැතිනම් without signal වැනි අවස්ථාවකදී වුවත් ඔබගේ laptop එක සමග WhatsApp භාවිතාව ඉදිරියට ගෙනියන්නට මෙ අසමග හැකි වනු ඇත. මෙම නව අංගය WhatsApp වල නවතම beta test මට්ටමින් පැමින ඇති අතර එය WhatsApp beta – (a test version of the app) සමග එක්වීමෙන් ඔබටද අත්හදා බලන්නට හැකි වනවා. ඉදිරි කාලය තුල Meta (formerly Facebook) සමග වන නව වෙනස්කම් කිහිපයක්ම WhatsApp වලටද බලපොරොත්තු වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa