විටක හදාරන්නන් අන්තර්ජාලය වෙතට පිවිසෙන්නන් වර්ග දෙකකට වෙන් කරති. ඉන් එක කොටසක් නම් තම වෙබ් සැරියේදී Security හා Privacy පිලිබදව සැලකිලිමත් වන කොටස හා අනෙක් කොටස නම් එවැනි කාරනා පිලිබදව කිසිදු සැලකිල්ලක් නොදක්වන කොටස ලෙසටයි. බොහෝ වෙබ් ආශ්‍රිත ආයතනයන් තමන් වෙතට එන්නන්ගේ තොරතුරු ‍රැස්කරන්නට විවිධ හේතූන් මත කටයුතු කරන අතර බ්‍රවුසරයන්ද තම භාවිතාකරන්නාගේ තොරතුරු ‍රැස්කරන්නට කටයුතු කරනු දක්නට හැක. මෙම තොරතුරු ‍රැස්කිරීම ආකාරය කෙසේ වූවත් ප්‍රධාන අවශ්‍යතා දෙකක් සදහා යැයි ගොනු කරගන්නට හැකි වන අතර ඉන්පලමු වැන්න තම භාවිතාකරන්නාට වඩාත් පහසු සේවාවක් සදහා එම තොරතුරු ‍රැස්කර තබා ගන්නට පෙලබෙයි. බ්‍රවුසරය සමග නැවත වෙබ් සැරියකදී වඩාත් පහසුවෙන් අවශ්‍ය තොරතුරු ගෙන දෙන්නට සිට තම ආයතනයේ වෙබ් අඩවිය වෙත එන භාවිතාකරන්නාට වඩාත් ගැලපෙන සේවාවන් තොරා දෙන්නට දක්වා ඒවා විවිධ විය හැක. නමුත් ගැටලුව වන්නේ මෙම ‍රැස් කිරීම් ඔස්සේ භාවිතා කරන්නා වඩාත් ඉලක්ක කරගෙන වෙළඳ දැන්වීම් ‍රැගෙන ඒමේ සිට බ්‍රවුසර සෙයුමකදී වඩාත් නිරපේක්ෂ ප්‍රථිපල වෙනුවට අදාල භාවිතා කරන්නා පමනක් නොව ඔහුගේ සැබැදියාවන් පිලිබදවද වන තොරතුරු ඔස්සේ පෙරෙමින් පැමිනෙන තොරතුරු ඔස්සේ ඔහුව යම් ආකාරයකට සිරවීමක් කර වන්නට හැකි බැවිනි. සැබවින්ම මෙම තොරතුරු ‍රැස්කිරීමෙන් භාවිතාකරන්නා හට අත්වන පහසුවද අමතක නොකල යුතු වන්නේ ඒ ඔස්සේ ඔහුට අප්‍රිකාවේ සිට රාත්‍රී ආහාරය සදහා පීසාවක් ඇනයුම් කරන්නට සොයන විට නිව්යෝර්ක් වල ප්‍රකට අවන්හලක් සැවුම් ප්‍රතිපල වලට නො ඒම වීම උවත් සීමාව ඉක්මවන වෙළඳ අරමුනු වෙනුවෙන් මෙම ‍රැස්කිරීම් ඔස්සේ සිදුවීම සලකන විට යලිත් තත්වය ව්‍යකූල වේ.
Duckduckgo.com සර්ච් ඇන්ජිනය(search engine) මේ සදහා පිලිතුරක්ව මෑතකාලයේ භාවිතාකරන්නන් අතර බෙහෙවින් පිලිගැනෙමින් ඇති විසඳුමකි.තම භාවිතා කරන්නාගේ තොරතුරු හැකි අවම අයුරින් ‍රැස්කර තබන්නට මෙම සෙයුම් යන්ත්‍රය කටයුතු කිරීම ඊට ප්‍රධාන හේතුවකි. මෙම Duckduckgo.com සෙයුම් යාන්ත්‍රනය තම භාවිතාකරන්නාගේ locations, interests හෝ Browsing History තොරතුරු ‍රැස් නොකරන අතරම භාවිතාකරන්න ගේ පෞද්ගලිකත්වය සදහා ගෞරව කරන ආකාරයට ක්‍රියාත්මක වනු දැකිය හැක. මෙයත් සමග ක්‍රියාත්මක වන Adverts ප්‍රමානය අඩුවනවා සේම අවශ්‍ය නම් සම්පූනයෙන් නවතා දමන්නට එහි වන සැකසුම් සමග භාවිතා කරන්නාට හැකිවන අතර අවශ්‍ය නම් පමනක් ඔබගේ සෙයුම් ප්‍රථිපල සදහා Locations මැදිහත් වන ආකාරයට සැක්සුම් සකසා ගන්නටද අවස්ථාව වේ. (දෙවන කොටසට….)