ප්‍රධාන මෙහෙයුම් පද්ධතියක සමග ඒ ඒ ගොනු වර්ග සදහා සහය දක්වන default විවෘතකරනයන් නොපැමිනීම විවිද ගැටලු ඇති කරවන්නකි. පලමුවෙන්ම භාවිතාකරන්නා හට විකල්ප මෘදුකාංගයක සහය සොයන්නට සිදුවේ. බොහෝ විට මෙසේ පැමිනෙන මෘදුකාංග මෙහෙයුම් පද්ධතිය සමග මුල් ස්වභාවයෙන් එන මෘදුකාංග මෙන් නොව විවිධ ගැටලු නොසැසදීම් සිදුවන අවස්ථා නිතර දැකිය හැක. මේනිසාම හදාරන්නන් නිතරම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය සමග එන මෘදුකාංග වැඩි ගොනු වර්ග සදහ සහයක් දැක්වීම සහිතව පැමිනිම අගයනු දැකිය හැක. මේ ආකාරයේ මෘදුකංග අතර Wndows media Playerය කැපී පෙනෙන්නේ මොන ආකාරයක භාවිතාකරන්නෙකු හට වුවද media player අදාල වන නිසා වෙනි. මෙම මෘදුකාංගය සමග වැඩි ගොනු වර්ග ප්‍රමානයකට සහය දක්වන ස්වභාවයෙන් පැමිනීම සියල්ලන්ගේ හිත සුව පිනිස වනු ඇත.
හෙලි වන තොරතුරු වලට අනූව Windows 10 සමග එන මීඩියා ප්ලේයරය FLAC(‘Free Lossless Audio Codec’) ආකාරයේ ගොනු සදහා ද සහය දක්වන්නට සූදානම්ව පැමිනෙනු ඇති බවට කියවේ. මෙම codec ඔස්සේ මුල් ගොනුව 50-60% කට අකුලනු ලදුව අවශ්‍ය විටදී නැවත යතා ප්‍රමානයට ගෙනෙන්නට සහය වන තාක්ශනයක් වන අතර මීට පෙර කියවුනේ windows 10 සමග MKV ලෙසින් නම් වන තවත් ජනංප්‍රිය ගොනු වර්ගයකට සහය දැක්වීමද පැමිනෙන්නට නියමිත බවකි.