දෛනික ජීවිතය වටා භාවිතා වෙන්නේ එක් උපාංගයක් පමනක් වීම තව දුරටත් වලංගු නොවන කාරනයකි. උදෑසන තම නිවසේ Desktop පරිගණකය ඔස්සේ දවස අරබන්නෙකු තම smartphoneය, Tab පරිගණකය, කාර්යාලයේ පරිගණක වැනි බොහෝ උපාංග වලට මාරුවෙමින් ඒ ඒ අවස්ථාව අනූව කටයුතු කරන්නට සිදුවීම වීම සාමාන්‍ය වෙමින් ඇති පරිසරයක අප ජීවත්වෙමින් සිටින්නෙමු. බොහෝ විට මෙම උපාංග මාරුවෙමින් වුවද අප Online ලෙසට කටයුතු කරන්නේ එකම ගිනුමක වීමද මේ වන විට සාමාන්‍ය කටයුත්තකි. නමුත් ගැටලුවක් වන්නේ යම් අතපසු වීමක් ඔස්සේ තමන් භාවිතාකරමින් සිටි උපාංගයක් ඔස්සේ නිසි පරිදි signout වීමකින් තොරව තිබීමක් ඔස්සේ තවකෙකුට එම උපාංගය ඔස්සේ ඔබගේ ගිනුමට ඇතුලු වීමට අවස්ථාව ලැබීමය. Google වෙතින් පැවසෙන නිවේදනයක් පවසන්නේ තමන් තම භාවිතාකරන්නන්ගේ ගිනුම් සදහා පැමිනීම් පසුගිය දින 28ක් සදහා පිරිස්ස බලන්නට හදුන්වා දෙන Activity dashboard පහසුවක් හඳුන්වා දෙන බවකි. මෙම පහසුව සමග භාවිතාකරන්නෙකුට තම ගිනුමේ ආරක්ෂාව , two-step authentication සක්‍රිය කිරීම ඇතුලු පහසුකම් කිහිපයකින් සමන්විත වන අතර පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිස ඔබටත් එම පහසුව ඔබගේ Google ගිනුම සදහා සංක්‍රිය කර ගන්නට හැකි වනු ඇත.

http://g.co/accountcheckup