Global Web Index අලුත්ම වාර්ථා හෙලි කරන්නේ මාසිකව භවිතාකරන්නන් බිලියන 1.35ක් යනෙන Facebook තවමත් ලොව විශාලතම සමාජ ජාලාව වූවද Tumblr ලොව වැඩිම වේගයකින් වර්ධනය (Growth in active users) වෙම්න් තිබෙන සමාජ ජාලාව බවය. එම වාර්ථා පැහැදිලි කරන්නේ පසුගිය මාස 6 සැලකීමේදී Facebook වල වර්ධන වේගය 2%ක් වන විට Tumblr වල වර්ධන වේගය 120% වන බවය. Pinterest හා Instagram පිලිවලින් 111%ක හා 64% ක වර්ධන වේගයක් දරමින් සිටින බවටයි එහි වාර්ථාවෙමින් ඇත්තේ. අනෙකුත් ප්‍රධාන සමාජජාලා සැලකීමේදී LinkedIn (54%), Twitter (26%), YouTube (25%) හා Google+ (16%) ලෙසටත් එම වාර්ථාව හෙලිකර සිටිනවා. Facebook වෙතට වන අවධානය අඩුවීම වාර්ථා වූ තවත් සටහනක් හෙලි කර සිටින්නේ ඇමරිකානු හා බ්‍රිතාන්‍ය භාවිතාකරන්නන්ගේ 50%ක්ම 2013 වසරට සාපේක්ශව එහි පැමිනීම ඉතා අවම කරන්නට පටන් ගෙන ඇති බවයි. මේ අතර Facebook වෙතින් පලවූ තවත් නිවේදනයකට අනූව තමන් තම අඩවියේ පලවන ප්‍රවර්ධන වෙළඳ දැන්වීම් වල සංක්‍යාත්මක ප්‍රමානය අඩුකිරීමේ වැඩපිලිවලක් පිලිබදව මේ වන විට සලකමින් සිටින බවටයි දැක්වූවේ. ඉහත කී Global Web Index වාර්ථාව වැඩි දුරටත් හෙලි කරන්නේ නව සාමාජිකයින් පැමිනීමේ වේගයද 6%ක් වන විට Pinterest 57% Tumblr (45%), Instagram (36%), LinkedIn (27%), Twitter(18%) ලෙසට වාර්ථා වෙමින් ඇති බවයි.