මෙම SUPERAntiSpyware 6.0.1164 නොමිළේ භාවිතාකල හැකි සංස්කරනය ඔස්සේ Spyware, Adware, Malware, Trojans, Dialers, Worms, KeyLoggers, HiJackers ඇතුලු බොහෝ හනිකරයන් හාඳුනා ගන්නට හා ඉවත් කරන්නට සහයවනු ඇති බවට ඔවුන් පොරොන්දු වෙනවා. එසේම බිඳ වැටෙන Internet Connections පිලිසකර කරන්නට, Registry Editing වැනි දෛනික පරිගනක භාවිතාවේදී හමුවිය හැකි බොහෝ ගැටලු සදහාද මැදිහත් වන්නට මෙම මෘදුකාංගය සූදානම් බවටයි පවසා සිටින්නේ. මෙහි මුදල් ගෙවා ලබා ගත යුතු සංස්කරනයේ එන real-time blocking හෝ scheduled scanning පහසුව මෙහි නොමැති උවත් සමහර මේ අකාරයේ මෘදුකාංග සහය නොදක්වන දහස් ගනනක් හානිකරයන් ඉවත්කර දෙන්නට මෙම මෘදුකාංගය මැදිහත් වනු ඇත. වැඩි වේගයක් ඇති මේ ආකාරයේ මෘදුකාංගයක් ලෙසටද පිලිගැනෙන මෙහි වැඩි දියුනු කරන ලද නවතම සංස්කරනය පහත දැක්වෙන සබඳතාවය ඔස්සේ ඔබටත් ලබා ගත හැක.

http://cdn.superantispyware.com/SUPERAntiSpyware.exe