හෙලි වන කරුනු පවසන්නේ Apple වෙතින් පැමිනෙන්නට නියමිත Apple Watch වල අප්‍රේල් වලට නියමිත නිකුතුවේදී උපාංග මිලියන පහක අලවියක් සැලසුම්ව ඇති බවකි. මෙම නිකුතුවේ ප්‍රධාන නිෂ්පාදන සමාගම මෙන්ම එකලැස්කිරීම භාරව සිටින සමාගම වන Quanta Computer වෙතට උපාංග මිලියන 5-6 අතර ප්‍රමනයක් ඇනවුම්ව ඇති බවත් ඉන් භාගයකට ආසන්න ප්‍රමානයක් lower-end Sport model ආකාරයේ වන අතර 20%ක් high-end model ආකාරයට වන් බවටයි පැවසෙන්නේ. Apple CEO, වරයා වන Tim Cook මීට පෙර පවසා තිබුනේ 2014 සැප්තැම්බරයට මෙම නිකුතුව සූදානම් වන නමුත් යම් ගැටලුකාරී බවක් විසින් මෙම නිකුතුව අප්‍රේල් මාසය දක්වා ‍රැගෙන ගොස් තිබෙනවා. උපංගයේ battery life වල ගැටලුවක් පලමුව කථාබහට ලක්වූ අතර පසුව එය සතුවන සංවෙදකයන්ගේ ගැටලුවක් මේ වන විට සැලකෙමින් පවතින බවට පසුගිය කාලයේ මාතෘකා වෙමින් තිබුනා. තවමත් මෙම නිකුතුව දෙසට වෙළඳපොල දෙසින් දැඩි අවධානයක් යොමුව නැති බවක් වන මුත් Apple ආයතනය පවසන්නේ නිකුතුව සමග පිබිදීමක් භාවිතාකරන්නන් දෙසින් තමන් බලාපූර්ත්තු වෙමින් සිටින බවකි.