මුල්ම යුගය සැලකීමේදී Android මෙහෙයුම් පද්ධතිය නිරන්තරයෙන් දුර්වලතා ඔස්සේ ආසාදනයට විවෘත මෙහෙයුම් පද්ධතියක් විය. අද වන විට Android වල 12 වන සංස්කරනය භාවිතයට පිවිසෙමින් ඇති අතර ඒ වන විට මහත් ආරක්ශිත බවක් සහතික කරන්නටGoogle සමාගම සමත්ව ඇත. විශේෂයෙන් පසුගිය කාලයේදී භාවිතාකරන්නාගේ privacy පිලිබදව මහත් අවධානයක් ගෙනෙන්නට ඔවුන් සමත්විය. විශේෂයෙන් නියමිත පරිදි යාවත්කාලීන නොවන මෙන්ම ඔවුන්ගේ ප්‍රමිතීන්ට වලංගු නොවන app සදහා Google ආයතනය දැඩි ප්‍රථිචාර දක්වමින් සිටින අතර machine learning වැනි ක්‍රමඔස්සේ වඩාත් කාර්යක්ශම mobile malware detection කටයුතු දියුනු කරමින් සිටී.
Google ආයතනය පවසන්නේ accounts secure සදහා දැඩි අවධානයක් යොමු කරන ඔවුන් Autofill ඔස්සේ password එකක් යොදන විට compromised passwords සමග සසදමින් ඔබව ආරක්ශාකරන්නට කටයුතු කරමින් සිටී. spam protection ගැනද කර ඇති දියුනු කිරීම් රාශියකි. Google Safe Browsing තවත් ඉතා වැදගත් අංශයක් වන අතර dangerous websites වලින් ඔබව මුදවා තබන්නට මෙන්ම malicious files ඔබගේ උපකරනය බාගත වීම වැලක්වීමට කටයුතු කරමින් සිටී.
Pubudu Siriwansa