Facebook යනු බොහෝ තරුන ජීවිතවල මහත් අංගයක්ව තිබේ. Instagram යනු පෙරකී ආයතනයේ අය්තියෙන් පාලනය වන දෘශ්‍ය පලකිරීම්වලට වැඩි මිත්‍රත්වයක් ලබා දෙන Online සේවාවකි. හදාරන්නන් පිරිසකගේ හැදෑරීමක් ඇසුරෙන් Wall Street Journal පවසන්නේ මෙකී සේවය තරුණ යෞවනය මත සලකුනු වන්නේ ධනාත්මක ප්‍රබෝධයක්ම නොවන බවයි. එක් හැදෑරීමකින් කියවෙන්නේ Instagram ඔස්සේ තරුණියන් තුල තම සිරුරේ හැඩය පිලිබඳව නොසතුට ඇති කිරීම භවිතාකරන්නියන්ගේ තුනෙන් එකක් තරමට ඉහල අගයක වන බවයි. තවත් විටක මෙම teenagers ලාගේ අදහස වී ඇත්තේ තමන් තුල anxiety සහ depression තත්වයන් නිර්මාණය කරන්නට එය සමත් බවකි.තවත් හැදරීම් වාර්ථාවක් උපුටන එම ආයතනය පවසන්නේ UK වල 13%ක්ද US වල 6%ක ගේද සිත්තුල දිවිනසා ගන්නට තරමේ හැගීමක් නිර්මානය කරන්නට මෙම අවකාශ සමත්ව සිටින බවයි. එසේම Instagram වලින් පලවන සමහර තොරතුරු පවසන්නේ එම ආයතනයද මේ තත්වයන් පිලිබඳව දැනුවත් වෙමින් හැකි හැම විටකම මෙවන් තත්වයන් භාවිතාකරන්නන් ගෙන් දුරස්ව තබා ගන්නට කටයුතු කරන බවයි. ඔවුන් වැඩි දුරටත් පැහැදිලි කරන්නේ bullying, suicide හා self-injury, මෙන්ම eating disorders වැනි තත්වයන් තමන් හඳුනාගනිමින් සිටින බවත් ඒවා වලකන්නට කටයුතු කරමින් සිටින බවයි.
Pubudu Siriwansa